පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව, මහ රජාගෙ ඉහඳ පණුවන්ට රජ මඟුල්!

chogm

මාධ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් රෝල්ස් රෝයි කාර් 12 ක් සහ බීඑම්ඩබ 100 ක් 23 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා ආනයනය කිරීමට යයි.

මෙම ගෙන්වීමට බලාපොරොත්තු වන වාහන මෙම සමුළුව අවසානයේ දී නැවත විකුණවාද යන්න පිළිබඳව කිසිදු අදහසක් අමාත්‍යංශය නොපවසන අතර එය දන්නේ එම අමාත්‍යංශය පමනි.

එක් රෝල්ස් රෝයි ගෝස්ට් කාර් එකක මිල ඇමරිකානු ඩොලර් 246,500 – ඇඩො. 290,000 ක් වෙයි. රෝල්ස් රෝයි පැන්ටම් කාර් එකක මිල ඇඩො. 399 000-ඇඩො. 470,00 කි.

BMW 5 සීරීස් කාර් එකක මිල ඇඩො.58,000ක් -70,000ක් BMW 7 සීරීස් කාර් එකක මිල ඇඩො. 73,000 – ඇඩො.140,000 කි.මෙම මිල ගණන් වලට ප්‍රවාහන වියදම් සහ රේගු බදු අයිති නොවනු ඇත.

මෙම වාහන ලංකාවට ගෙන්වනු ලබන්නේ කවුරුන්ද යන්න තවම හෙළිදරව් වී නැත

මෙහි ඇති උපාහාසාත්මක කරුණ නම් ජනතාවගේ මිලියන ගණනක් බදු  මුදල් මෙවැනි සුඛෝපභෝගී වාහන ගෙන්වීමට භාවිතා කරන ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ සියළු පාරිභෝගි භාන්ඩ හා සේවාවන්ගේ ගාස්තු අහස උසට ඉහළ දමමින් සිටී.

‘දැයට කිරුළ නම් මහරජාගේ සෝබන ව්‍යාපෘතියේ කෝටි ගණන් තාවකාලික වැසිකිලිවලින් මාටියා ගැසූ නිලධාරීන් සිටින රටක පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වැනි සමුළුවක් අවසානයේ මාටියා ගසන ප්‍රමාණය හා එයට සූදානම්ව සිටින රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හෙංචයියන් හරියටම තුවාලයක සැරව බොමින් වැඩෙන ඉහද පණුවන් වැනිය. එතරම්ම ශ්‍රි ලාංකික දේශපාලන දේහය කුණු වී ඕජස් ගලමින් තිබේ.

FacebookTwitterGoogle+Share
You can leave a response, or trackback from your own site.

Leave a Reply

*
Powered by WordPress | Download Free WordPress Themes | Thanks to Themes Gallery, Premium Free WordPress Themes and Free Premium WordPress Themes